කොටුව – කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනයේ නිරත පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ – කොටුව බස් රථ සේවක සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා සඳහන් කළේ, බස් රථ ධාවන මාර්ගයක් සංශෝධනය කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවයි.

අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඊට විසඳුම් නොලැබුණහොත්, තවත් මාර්ග රැසක සේවකයින් ද වර්ජනයට සහය දක්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content