හැටන් පොලිස් බල ප්‍රදේශයේ මගි ප්‍රවාහන පෞද්ගලික බස් රථ සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ අද දින නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂකවරයාගේ හදිසි පරික්ෂාවකට ලක් කෙරැණා.

හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ සහ හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් මෙම මෙහෙයුම සිදුකළා .

හැටන් බස් නැවතුම්පොල දක්වා ධාවනය වු අඩුපාඩුකම් සහිත බස් රථ කිහිපයක් සහ හැටන් නගර හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම වාහන නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂක ඩි.එම්.ටි.ආර්.දිසානායක මහතාගේ පරික්ෂාවට යොමු කළ බවයි වාර්තා වන්නේ.

මොටර් රථ පරික්ෂකවරයා විසින් පොලිස් භාරයට ගෙන තිබු වාහන මොටර් රථ අඥා පනතේ කරුණු 21 කෙරෙහි අවධානය යොමු කර පරික්ෂාවට ලක්කර තිබුණා.

හැටන් නගරයේ සිට ඇබොස්ලි වතුයාය දක්වා ධාවනය කරවන පෞද්ගලික බස් රථයක් මගි ප්‍රවාහනයට නුසුදුසු තත්ත්වයේ තිබු නිසා එම බස් රථය ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගත්තා.

අනෙකුත් වාහන වල තිබු අඩුපාඩුකම් සපුරා ගෙන නැවත පරික්ෂාවකට ඉදිරිපත් කිරිමට දින 10 ක කාලයක් ලබාදෙනු ලැබුවා.

අඩුපාඩුකම් සහිත පෞද්ගලික බස් රථ සහ වාහන වල අඩුපාඩුකම් සම්පුර්ණ කර යලිත් පරික්ෂාවකට යොමු කරන තෙක් එම වාහන වල අදායම් බලපත්‍රය මොටර් රථ පරික්ෂකවරයා භාරයට ගැණුනා.

ගුණාත්මක මගි ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාමේ අරමුණින් හැටන් ප්‍රදේශයේ ධාවනය කරවන පෞද්ගලික බස් රථ මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යොමු කල බව හැටන් පොලිස් රථ වාහන අංශයේ ස්ථානාධිපති උපොප චිරාජ් කුලසුරිය මහතා පැවසිය.

WhatsApp Group

Skip to content