පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබෙනවා.

2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

එහිදී පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වුණා.

ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික ගෙවීමේ දී අවම වැටුප රුපියල් 21,000 ලෙස සැලකිය යුතු බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

WhatsApp Group

Skip to content