දෙදහස් විසිහතර 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාර ගැනීම අද (11)දහවල් දොළහෙන් අවසන් වූ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සඳහා නාම යෝජනා පත්‍ර දාසයක් ලැබුණු බවත් ඉන් පිළිගත් දේශපාලන පක්ෂ දාහතරක් සහ  ස්වාධීන කණ්ඩායම් දෙකක් වන අතර එක් දේශපාලන පක්ෂයක් ප්‍රතික්ෂේප වූ බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා පැවසීය.
මේ අනුව පක්ෂයේ ලේකම්වරයාගේ අත්සන නොමැති වීම හේතුවෙන් පිළිගත් දේශපාලන  පක්ෂයක් වන (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ) නාම යෝජනාව පත්‍රය ප්‍රතික්ෂේප වූ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා සඳහන් කළේය.
මේ අනුව 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ දහතුනක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සුජන්ත ඒකනායක වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් එකසිය විස්සක් තරග තරග වදින අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනීමට නියමිත මන්ත්‍රී දුර සංඛ්‍යාව පහකි.

WhatsApp Group

Skip to content