පොහොර ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී මැදිහත් වීමක් සිදු නොකරන බව රජය පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා.

පොහොර ලබා දීමේ වැඩපිළිවෙල රජය මැදිහත් නොවී සිදුකිරීම වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි මෙහිදී සාගල රත්නායක මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

යල කන්නයට අවශ්‍ය පොහොර ලබා දීමට වෙනුවෙන් රජය මැදිහත් වන නමුත් ඉදිරියේදී ඊට එක් නොවන බවයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content