බත්තරමුල්ල නොලුම් මාවතට ඇතුළුවන ස්ථානයේ නොසන්සුන්තාවක් මතුව තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කලේ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව,”රට වනසන පනත් පරාජය කරමු” යනුවෙන් සටහන් කළ විරෝධතා පුවරු සහිතව පාර්ලිමේන්තුව අසල සිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලය පිහිටි නෙළුම් මාවත වෙත විරෝධතා පා ගමනක් පැමිනි බවයි.

නෙළුම් මාවතට ඇතුල් වන මාර්ගය අසලදී විරෝධතාකරුවන්ට පොලිසියෙන් බාධා කිරීමත් සමගයි මෙම උණුසුම්කාරී තත්වය මතුව ඇත්තේ.

එහිදී එම ස්ථානයේ දී විරෝධතාකරුවන් පොල් ගසමින් සිය විරෝධය පළ කර ඇති අතර එම අවස්ථාවේ පක්ෂ මුලස්තානයට යමින් සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට හූ හඬ පල කරමින් විරෝදය දක්වා තිබෙනවා.

මේ අතර පොහොට්ටු කාර්යාලයට යාම සඳහා ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් පැමිණීමත් සමග ඔවුන්ටද විරෝධතාකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවු අතර එහිදී දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවු බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

 

WhatsApp Group

Skip to content