ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන්.

මෙම රැස්වීමේදී පක්ෂයේ දැනට පුරප්පාඩුව පවතින ජාතික සංවිධායක ධුරය සහ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුර දෙක සඳහා නව පත් කිරීම් සිදු කිරීමට නියමිත බව සඳහන්.

මීට අමතරව ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ද විධායක සභාවේදී තීරණවලට එළැඹීමට නියමිත බව පොදුජන පෙරමුණ පවසනවා.

WhatsApp Group

Skip to content