පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමගින් එක්ව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමගින් අද(01) එක් වූ බවයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය කියා සිටියේ.

දකුණු පළාතේ හිටපු මහ ඇමැතිවරයකුද වන ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූවා.

සමගි ජන බලවේගය සමගින් එක්වූ ශාන් විජයලාල් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙසට පත් කර තිබෙනවා.

එසේම ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්ද වනවා.

WhatsApp Group

Skip to content