ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු එකසිය දෙදෙනකුට එරෙහිව විනය පියවර නොගැනීමට තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා සඳහන් කලේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තුරු මෙම තීරණය කල් දැමු බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂයේ අපේක්ෂකයාට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පියවර ගෙන ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පොහොට්ටු පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගියදා තීරණය කළා.

මේ අවස්ථාවේ තම පක්ෂයේ වැඩි අවධානයක් යොමුකර ඇත්තේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දිනවීමට අදාළ කටයුතු සඳහා බවත්, පක්ෂය හැරගිය මන්ත්‍රිවරුන්ට විරුද්ධව නිසි වේලාවට විනය පියවර ගෙන ඔවුන් ඉවත් කරන බවයි මහ ලේකම්වරයා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content