පොසොන් උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා.

විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාවට නැංවීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන අතර, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ආරක්ෂක රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 19,062 දෙනෙකු යෙදවීමට පියවර ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 370 දෙනෙකු ද ආරක්ෂාවට යොදවා තිබෙනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 607 දෙනෙකු මෙන්ම ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 26,013 දෙනෙකු ආරක්ෂක කටයුතු සදහා එක්වන බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක අතර ජංගම මුර සංචාර මෙන්ම යතුරු පැදි සංචාර මගින් ද ඒ ඒ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content