පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය බලා පැමිණෙන්න බැතිමතුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ගමනාගමන මණ්ඩලය පවසනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා සඳහන් කලේ ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ඇතුව පොසොන් මංගල්‍යය වෙනුවෙන් අමතර බස්රථ 400ක් යෙදවීමට කටයුතු කරන බවයි.

අනුරාධපුර ලංගම ප්‍රාදේශීය කාර්යාලයේදී අද පැවති පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට නියමිතයි.

මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාවය මඟ හැරීම සඳහා මීට පෙර වර්ෂවල දී පැවති පොසොන් උත්සව සඳහා යෙදවූ බස් රථ සේවාවට අමතර විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

…………

WhatsApp Group

Skip to content