පොලොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වෑන් රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් අද දහවල් මෙම අනතුර සිදුවුනා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුලත් කර ඇති අතර මෙසේ තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කල පිරිසක්.

වෑන් රථය කොළඹ සිට එරාවුර් දක්වාත් ජීප් රථය පොළොන්නරුවේ සිට හබරණ දක්වාත් ධාවනය වෙමින් තිබෙන අතරතුර මේ අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ කුඩා ලමුන් හතරදෙනකු කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

WhatsApp Group

Skip to content