ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පොළි අනුපාත අඩු කිරීමේ වාසිය ජනතාවට හිමිවන්නේදැයි අවධානයෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළා.

පොලි අඩු නොකරන බැංකුවලට එරෙහිව මහ බැංකුව ගනු ලබන තීරණය පිළිබද විමසිල්ලෙන් පසුවන බවයි හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසීමක් සිදුකරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/07/HARSHA-DE-SILWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content