සිය මෝටර් රථ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස පොලිසිය විසින් රියදුරන්ට දැනුම් දෙනවා.

ඒ රට තුළ විවිධ ප්‍රදේශවලින් මෝටර් රථ සොරකම් කිරීම් වාර්තා වීම හේතුවෙන්.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

30 හැවිරිදි වියේ පසු වූ මොහු ප්‍රියසාද් ප්‍රියංකර ද සිල්වා නොහොත් චන්තු නැමැති පාතාල කල්ලි සාමාජිකයෙකු බවටයි පොලිසිය අනාවරණය කළේ.

ඊයේ රාත්‍රියේදී මිනුවන්ගොඩ බොරගොඩවත්ත රුවන් මාවත ප්‍රදේශයේදී මොහුව ඝාතනය කරනු ලැබුවා.

මෙම චන්තු නැමැති පුද්ගලයා ඩුබායි සිටින ජාවාරම්කරුවෙකු වන මිනුවන්ගොඩ හීනටියන මහේෂ් නැමැත්තාගේ ගෝලයෙකු බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.

මෙම මියගිය පුද්ගලයා හෙරොයින් සම්බන්ධ නඩුවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර සිටි අයෙකු බවද සදහන්.

මේ අතර ඇහැලියගොඩ පොලිස් වසමේ තලාවිටියවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳවද වාර්තා වනවා.

තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගිය බවටයි පොලිසිය පැවසුවේ.

මුදල් ආරවුලක් මත ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content