පැමිණිලි විභාග කිරීමේදී පොලිසිය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඔහු කියා සිටියේ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අවස්ථාවක ඊට මැදිහත් නොවී සිටිමට පොලිසියට හැකියාවක් නොමැති බවයි.

පාර්ලිමේන්තුවේදී පැවැති මහජන ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

සමාජය තුළ සංවිධානාත්මක අපරාධ සැලකියයුතු ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් අදාළ කාරක සභා සමාජිකයින් කරුණු විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/09/ASANKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content