පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සතුව තිබූ රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් කිඳෙල්පිටිය – බදුවිල ප්‍රදේශයේදී කොල්ලකෑමට තැත් කළ සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් අහසට වෙඩි තබා පාලනය කළ බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් එහිදී සැකකරුවන් තිදෙනෙකු පලාගොස් ඇති අතර, එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ලක්ෂ 35 ක් අතැතිව කිදෙල්පිටිය ප්‍රදේශයට ගොස් ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහායි.

ලද බුද්ධි තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය ගැනුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ඔවුන් එම වැටලීමට එක්ව තිබෙනවා.එහිදී යතුරුපැදිවලින් පැමිණි සිව්දෙනෙකු පොලිස් නිලධාරීන්ගේ වෑන් රථය හරස් කර ඔවුන් සතුව තිබූ මුදල් කොල්ලකෑමට තැත් කර ඇති බව සඳහන්.

එහි දී එක් පොලිස් නිලධාරියෙකු අහසට වෙඩි තබා තත්වය පාලනය කර ඇති අතර, සැකකරුවන් තිදෙනෙකු ඔවුන් පැමිණි යතුරුපැදිවලින් පලාගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

WhatsApp Group

Skip to content