හලාවත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45ක් සන්තකයේ තබාගෙන සිටි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනෙකු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, සුරාබදු දෙපාර්තමේන්තුවේ වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අදාළ බලධාරීන්ට නියෝග කළ බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

එමෙන්ම පරීක්ෂණවලින් අනතුරුව මෙම ක්‍රියාවට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content