බිංගිරිය පොලිසියේ ආපනශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් බවයි පොලිසිය සදහන් කළේ.

මෙම ලිංගික අතවර සිද්ධිය පිළිබදව පොලිස්පතිවරයාට යොමු කළ පෙත්සමකට අනුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content