පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි 118 කෙටි දුරකථන අංකය හරහා ඉදිරිපත් කල හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසන්නේ එම හදිසි ඇමතුම් අංකය මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා පවත්වාගෙන යනු ලබන බවයි.

එම අංකය හරහා තොරතුරු දැනුම්දෙන්නාගේ අනන්‍යතාව සදහන් නොකර අදාළ තොරතුරු ලබාදීමට ද හැකියාව පවතිනවා.

දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය වැනි තොරතුරු ද එම අංකය හරහා ලබාදිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනයෙහි සඳහන් වන්නේ කිසියම් අයෙකු ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වන බවයි.

WhatsApp Group

Skip to content