පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කටුගස්තොට, වට්ටරන්තැන්න පටුමගේදී වටිනා නිල් මැණිකක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැණික හිමි පුද්ගලයා දුරකථනයකින් ඇමතූ බකමූණ ප්‍රදේශයේ පදිංචි සැකකරු වටිනා නිල් මැණික මිලදී ගැනීමට පැමිණෙන බවට දැනුම්දී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව තවත් පුද්ගලයෙකු සමඟ සැකකරු මෝටර් රථයකින් පැමිණ ඇති බව සඳහන්.

අනතුරුව පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි අයෙකු එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණ අතර, ඔහු පැමිණිලිකරු බිය ගන්වා ලක්ෂ 12 ක් පමණ වටිනා මැණික් ගල පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය කියා සඳහන් කළේ.

ඉතිරි සැකකරුවන් සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content