පොලිස් නිලධාරින් 20,000 ක පමණ හිඟයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඇතැම් නිලධාරින් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

මෙම ගැටලුවට විසදුමක් ලෙස පොලිස් නිලධාරින් 2000 ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.

ඉදිරියේදී සෙසු නිලධාරි හිඟය ද පියවීමට කටයුතු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content