නිට්ටඹුව, මාඉඹුල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන්ගෙන් දෙදෙනෙකු පොලිස් ක්‍රීඩා ඇඳුම් ඇඳ සිට ඇති අතර, ඔවුන් පොලිස් නිලධාරින් නොවන බවට දැනුවත් වීමෙන් පසු මෝටර් රථයේ සිටි තවත් දෙදෙනෙකු ද ඇතුළුව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී අත්විලංගු යුගලක් සහ ව්‍යාජ අංක තහඩු 03ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content