පොලිස් රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සිවිල් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොටුගොඩ ප්‍රදේශයේ රාත්‍රී පොලිස් මුරපොළක් අසළ දී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සීදූව පොලීසියට අනියුක්තව රාජකාරී කළ, පොලිස් කොස්තාපල්වරයෙකු, සාජන්ට්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් තුන්දෙනෙකු අදාළ පොලිස් මාර්ග බාධකයේ රාජකාරී කටයුතුවල යෙදී සිට තිබෙනවා.

අලුයම 01:28ට පමණ එම ස්ථානය පසුකරමින් වේගයෙන් ගමන් කිරීමට උත්සහාකල සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී අදාළ අනතුර සිදුව ඇති බව සදහන්.

මෝටර් රථයේ සිට ඇත්තේ බිමත් පුද්ගලයින් වන අතර ඔවුන්ගෙන් අයෙකු පොලිසිය සතුව තිබු ගිනි අවියක් උදුරාගැනීමට උත්සහ කිරීමේදී එය ක්‍රියාත්මක වී තිබුනා.

WhatsApp Group

Skip to content