ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ සඳහා වන අයදුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ක්ෂණික සබැඳි යටතේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතු බව සඳහන්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 අ ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නම් එවැනි තැනැත්‍තකු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීම සඳහා සුදුසුකම් නොලබනු ඇත.

එමෙන්ම කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීමට පෙරාතුව රජයේ නිලධර‍යකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් රජයේ සේවයේ නිරතව සිටි සෑම තැනැත්තකුම එකී පත්කිරීම බලාත්මක වූ විට තමා දරමින් සිටි ධුරය අත්හැරිය යුතු අතර රජයේ නිලධර‍යකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් තවදුරටත් පත් කරනු ලැබීමට නුසුදුස්සකු වනු ඇත.

ඒ අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ජූලි මස 01 දින හෝ එදිනට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය ,ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව , ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතුයි .

WhatsApp Group

Skip to content