පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා , කුරුණෑගල මුලස්ථාන පොලිස් ස්ථානය හදිසි පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ පොලිස්පතිවරයා විසින් නිලධාරීන්ගේ සුභ සාධන ගැටළු සම්බන්ධයෙන් මෙහිදී විමසීමට ලක්කළ බවයි.

කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ පැවති උත්සවයකට සහභාගීවිමෙන් අනතුරුවයි පොලිස්පතිවරයා කුරුණෑගල මුලස්ථාන පොලිස් ස්ථානයට පැමිණ ඇත්තේ.

මෙවැනි හදිසි පරීක්ෂා කිරීම් සදහා ඉදිරියේදී  තමන් පැමිණෙන බව ද පොලිස්පතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content