පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා හට අද  සිට තවත් සති තුනක් ඉදිරියට සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මෙම සේවා දිගුව ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

පොලිස්පති ධූරයේ කටයුතු කරන සී.ඩී. වික්‍රරමරත්න මහතාට ලබා දී තිබූ දෙවන සේවා දිගුව පසුගිය 09 දා අවසන් වුණා.

2020 නොවැම්බර් මස එම ධුරය භාරගත් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 25 වනදා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණා.

පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා එම සේවා දිගුව පසුගිය ජූනි මස 9 වනදා යළි දීර්ඝ කරනු ලැබුවේ තවත් මාස 3ක කාලයක් සඳහායි.

WhatsApp Group

Skip to content