පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය පසු පුරප්පාඩු වන පොලිස්පති ධුරය සදහා ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් අතරින් තමන්ට හිතවත් නිලධාරියා පත් කර ගැනීම සදහා ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අතර තරගකාරි ස්වරූපයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.

මෙම ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන් පිරිස මේ පිළිබඳව තනි තනිව ගොස් ජනාධිපතිවරයා හමු වී කරුණු දක්වා ඇති බවද සදහන්. පොලිස්පතිවරයා විශ්‍රාම යෑමෙන් අනතුරුව පොලිස්පති ධූරය සදහා මෙම තරගය ඇති වී ඇත්තේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අතරයි.

වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 වන දින විශ්‍රාම ගැනීමට නියමිතයි.

WhatsApp Group

Skip to content