පොලිස්පතිවරයාට හෙට දිනයෙදි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

මේ අතර නාරම්මල ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ලොරි රථ රියදුරෙකු මරණයට පත්වීමේ සිද්ධියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබෙනවා.

මියගිය තැනැත්තාගේ බිරිඳ විසින් එම පෙත්සම ගොනුකර තිබූණා .

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් අතර වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද නියම කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content