පොලිස් ස්ථානාධිපතිවරුන් 210ක් ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා කර තිබූ ඉල්ලීමක් පොලිස් කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත්, විනය හේතුන් මත ස්ථානාධිපතිවරු 17කගේ ස්ථානාධිපති ධූරය ඉවත්කර සාමාන්‍ය රාජකාරි සඳහා යොමු කරන ලෙසද පොලිස් කොමිසමට කර තිබූ ඉල්ලීමක් කොමිසම සලකා බලා තිබුණා.

ඒ අතරින් 14 දෙනෙකු ස්ථානාධිපති ධූරයට සමාන ධූරයක රාජකාරී සඳහා යොදවන ලෙස ද කොමිසම පොලිස්පතිවරයාට නියම කර තිබෙනවා.

මේ අතර, පොලිස් ස්ථාන 71ක් සඳහා මැතිවරණ කාල සීමාවෙන් පසු ස්ථානාධීපතිවරු පත් කිරීමටයි පොලිස් කොමිසම නිර්දේශ කර ඇත්තේ.

WhatsApp Group

Skip to content