පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා තිබෙනවා.

ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොණු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව කරුණු විමසීම සදහායි.

අදාළ පෙත්සම ඊයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

ඒ අනුව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ.

WhatsApp Group

Skip to content