පොලිතීන් කවර කැබැල්ලක් ස්වරාලයේ සිරවීම හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවීමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය සිදුකල වැටලීමකදී අදාළ පුද්ගලයා පළාගොස් ඇති අතර එම අවස්ථාවේ බිම ඇදවැටී සිහිසුන්ව තිබෙනවා.
පසුව ඔහු රෝහල් ගත කර ඇති අතර එහිදී අනාවරන් වී ඇත්තේ සැකකරු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය අඩංගු පොලිතීන් කවර කැබැල්ලක් ස්වරාලයේ සිරවීම හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවීමෙන් අදාළ මරණය සිදුව ඇති බවයි.

WhatsApp Group

Skip to content