දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් සදහා ඒවායේ වෙළද ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් කවුන්ටරයෙන් පොලිතින් මලු ලබානොගන්නා හෝ නැවත භාවිත කළ හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන පාරිභෝගිකයින් හට රුපියල් 500 ට වැඩි බිල්පත් සදහා රුපියල් 5 ක මුදලක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සදහා පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබද පාරිලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදි සුපිරි වෙළදසැල්වල ඉහළ කළමනාකාරිත්වයේ ද එකඟත්වය හිමි වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම කාරක සභාව හමුවට මෙරට ප්‍රමුඛ සුපිරි වෙළදසැල් ප්‍රධානින් මෙන්ම නිමි ඇඳුම් වෙළදසැල්වල ප්‍රධානින්ද කැඳවා තිබුණා.

WhatsApp Group

Skip to content