2024 පෙබරවාරි මාසය වනවිට මෙරටින් පොල්වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439 ක ආදායමක් ඉපයීමට හැකි වී තිබෙනවා.

පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2023 පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705 ක්.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙරවාරි මාස වනවිට රුපියල් මිලියන 734 ක අපනයන අආදායමේ ඉහළයාමක් පෙන්නුම් කර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසනවා.

අද දින පෙරවරුවේ කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කෙරුණා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනසත්ව හානිය නිසා වාර්ෂිකව අහිමිවන පොල්ගෙඩි මිලියන 300 ක පමණ ප්‍රමාණය ද රැක ගැනීමට හැකිවන්නේ නම් මීට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වන බවත්, එමගින් පොල්වගාකරුවන්ගේ ආදායම තවදුරටත් ඉහළ නැංවීමට හැකිවන බවත් අවධාරණය කළා.

WhatsApp Group

Skip to content