වෙළඳපොලේ පොල් මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ඔවුන් කියා සිටියේ ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක් රුපියල් 150ක මිලකට අලෙවි වන බවයි.

එමෙන්ම, වාහම ක්‍රියාත්මක වන පරිදි බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගතයුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ බිත්තර නිෂ්පාදකයින් හා වෙළද මාෆියාව විසින් ජනතාව අනිසි ලෙස පීඩාවට පත්කිරීම වැළැක්වීමට මෙම පියවර ගත යුතු බවයි.

ඒ අනුව බිත්තර සදහා වන උපරිම සිල්ලර මිල ලබන සතියේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content