මිල ප්‍රදර්ශනය නොකරන පොල් තෙල් වෙළෙදසැල්වලට මුද්‍රා තබන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ මෙරට අලෙවි කරන සියලුම වර්ගයේ පොල්තෙල්වල අදාළ වර්ගය සහ මිල මුද්‍රිතව ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවයි.

ප්‍රමිතියෙන් තොර පොල්තෙල් අලෙවිකරන වෙළදුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට බලය පවරා ඇති බව ද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කළා.

වෙළෙදපොල තුළ පිලිකාකාරක පොල්තෙල් අලෙවි වන බවට පැමිණිලි ලැබී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content