පොල්තෙල් මිල ඉහළ යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමට යෝජනා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මෙම බද්ද 2025 තෙක් ඉහළ දැමීමට රජය අපේක්ෂා නොකරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ආනයනික පොල්තෙල් ලීටරයක් සදහා වර්තමානයේ රුපියල් 150ක බද්ධක් අය කරනු ලබනවා.
මේ වන විට ආනයනික පොල්තෙල් මෙටි්‍රක් ටොන් 70,000ක් රට තුළ පවතින අතර, පසුගිය වසරට සාපේක්ෂව මෙය තුන් ගුණයක ඉහළ යාමක් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.
ඒ අනුව පොල්තෙල් හිගයක් ද රට තුළ නොමැති අවස්ථාවක මිල ඉහළ දැමීමට පොල්තෙල් මාෆියාව ගෙන යන කූඨ උපයාක් බව පොල් සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content