පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ දිනයේ සිදු කෙරුණා .

ජනාධිපතිවරයා වෙත මෙලෙස පළමු පොපි මල පළඳවනු ලැබුවේ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසිනුයි .

ලෝක සංග්‍රාමවලදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රි ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිත පූජාකළ රණවිරුවන් අනුස්මරණය කරමින් වාර්ෂිකව පොපි මල් දිනය සංවිධාන කරනු ලබනවා .

එයින් ලැබෙන ආදායම යුද්ධයෙන් මියගිය විරුවන්ගේ පවුල්වල සහ ආබාධිත විරුවන්ගේ සුබසාධනය සඳහායි යොදවනු ලබන්නේ .

 

WhatsApp Group

Skip to content