අම්බලන්ගොඩ පොන්නදූව ප්‍රදේශයේ නිවසකට අද අලුයම් කාලයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කලේ මෙරට ප්‍රබල මත් කුඩු ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන අම්බලන්ගොඩ සමන්කොල්ලා නමැත්තාගේ නිවසට මෙලෙස වෙඩි ප්‍රහාර එල්ලව ඇති බවයි.

ටී පනස්හය වර්ගයේ ගිනි අවියකින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
වෙඩි ප්‍රහාරය හේතුවෙන් නිවසේ ප්‍රධාන ගේට්ටුවට,තාප්පයට හා නිවසේ දොර ජනෙල්වලට හානිවී තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් විසින් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

WhatsApp Group

Skip to content