2024 වසරේ දී භුතානයේ දී පැවැත්වීමට නියමිත 8 වන දකුණු ආසියානු සහ පොදු රාජ්ය මණ්ඩලීය කරාතේ තරඟාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කිරීමට අනුරාධපුර දිස්ත්රික්කයේ සදළු සතිස් බන්දුල සිසුවා තේරී පත් වෙයි.
සදළු සතිස් බන්දුල 2023 සමස්ත ලංකා කරාතේ තරගාවලියේ දී වයස අවුරුදු 18න් පහළ ශුරතාව ද දිනාගන්නා ලදී.
ඒ අනුව ශාන්ත ජෝසප් විද්යාලයේ ඉල්ලීම අනුව එම විදෙස් සංචාරය සඳහා වැය වන රු. ලක්ෂ 4.5 ක අනුග්රාහක දායකත්වය ලබා දීම පසුගියදා සිදු විය.
මෙම අවස්ථාවට මුදල් රාජය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා එක්ව සිටියේ ය.

WhatsApp Group

Skip to content