පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෆර්ගස් කමිං මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණ.

වත්මන් ගෝලීය ආර්ථික ප්‍රවණතා, නැගී එන අභියෝග, විශේෂයෙන් අර්බුදයෙන් පසුව නැවත සාමාන්‍ය තත්වයට පත්වීමට ගන්නා ප්‍රයත්නයන් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කර තිබේ.

IMF වැඩසටහනෙන් ඔබ්බට ප්‍රතිසංස්කරණ සිදු කිරීම සමඟින් ප්‍රතිඵල බවට පරිවර්තනයවෙමින් පැවතීම සහ ප්‍රතිසංස්කරණ එලෙසම ‍ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද තවදුරටත් සාකච්ඡා කර ඇති අතර බදු පරිපාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ ලබා දියහැකි සහයෝගය සම්බන්ධව ද මෙම සාකච්ඡාවේ දී අදහස් හුවමරු කර ගෙන ඇත.

WhatsApp Group

Skip to content