ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින නෙ`ඵම් මාවතේ පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා සිදු කිරීමට බලාපොරොත්තු වන බවද සදහන්.

WhatsApp Group

Skip to content