ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

පස්වරු 4 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ගැනීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

මීට පෙර ද ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර, ඒවා අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.

WhatsApp Group

Skip to content