පොතුවිල් – අක්කරෙපත්තුව මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් ඊශ්‍රායල් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොතුවිල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිසාවටම ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි ඊශ්‍රායල් ජාතිකයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content