පාසල් සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා ගත යුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස් කර ඇති වැඩ පොත් හැරුණු විට අනෙකුත් පෙළපොත් පාසලට ගෙන ඒම අවම කිරීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

පාසල් පොත් බෑගයේ බර වැඩවීම හේතුවෙන් පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබුනා.

ඒ අනුව, සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ අවධානය යොමු වී ඇති අතර එහි පියවරක් වශයෙන් තෝරා ගත් පෙළපොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content