පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

හුවන් කායෝ සහ හූවාන් ටා නගර අතර ඇන්ඩීස් කදුකරයේ ගමන් කරමින් සිටියදී බස් රථය අඩි 650 ක් පමණ ගැඹුරු හෙළකට ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අනතුර සිදු වූ ස්ථානයට ප්‍රදේශවාසින් සහ ආරක්ෂක නිලධාරින් පැමිණ ඇති අතර ජීවිත ගලවාගැනීමේ දැඩි මෙහෙයුමකින් පසු 21 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අදාළ අනතුර සම්බන්ධයෙන් එම නගරයේ නගරාධිපතිවරයා මාධ්‍යට පවසා ඇත්තේ අනතුර සිදු වූ මාර්ගය මාසයකට පමණ පෙර නාය යාමකින් හානි වූ බැවින් එය මෙතෙක් පිළිසකර කර නොමැති බවයි.

මේ අතර දකුණු අප්‍රිකාවේ උතුරුදිග දේශසීමාව ආසන්නයේදී ට්‍රක් රථයක් සහ බස්රථයක් එකිනෙකට ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

පතල් කැනීම්වල නිරතව සිටින කම්කරුවන් පිරිසක් ගමන් කළ බස්රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ට්‍රක් රථයේ රියදුරුට බලපත්‍රයක් නොමැති බවත් එම රථය ධාවනය සදහා සුදුසු නොවන තත්ත්වයක පැවති බවටත් සිදු කළ පරීක්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

WhatsApp Group

Skip to content