පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ සිසුන් සිව්දෙනෙක්ට පළමු වසරේ සිසුන් දෙදෙනකුට පහරදී තිබෙනවා.

එම සිසුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි අක්බාර් නේවාසිකාගාරයට අදාළ ජ්‍යේෂ්ඨ සිසුන් පිරිස ඇතුළු වී බරපතළ ලෙස ඔවුන් දෙදෙනාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම ජ්‍යේෂ්ඨ සිසුන් සිව්දෙනාට මේ වන විට විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

පහර කෑමෙන් තුවාල ලත් සිසුන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයෙන් පසු වූ එක් සිසුවකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක් වූ සිසුන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පහර දුන් සිසුන් සිව්දෙනා විද්‍යා පීඨයේ තෙවන හා සිව්වන වසරවල අධ්‍යාපනය ලබන බව හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර පර්‍යේෂණ පවත්වනවා.

WhatsApp Group

Skip to content