පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරදීමකින් එහි හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇති බව සදහන්.

අනතුරුව විශ්වවිද්‍යාල සිසුන් 300ක පමණ පිරිසක් අතුල සේනාරත්න මහතා රැඳී සිටි විශ්වවිද්‍යාල නිල නිවසට ද පහර දී අලාභහානි සිදුකර ඇති බව පොලීසීය ප්‍රකාශ කළා.

පසුව පේරාදෙණිය පොලීසිය එම ස්ථානයට පැමිණ ගැටුම සමතයට පත්කර පිරිස විසුරුවා හැර තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ අතුල සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව සදහන් .

එමෙන්ම ඔහුගේ පුත්‍රයා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහරදීමෙන් අතුල සේනාරත්න මහතාගේ බිරිඳ සහ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නැහැ .

WhatsApp Group

Skip to content