මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබඳ කඩිනමින් දැනුම් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලේ රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි මේ වනවිට බෙදා දීම සිදු කර ඇති බවයි.

කෙසේවෙතත් සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු‍ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී අවසන් ව ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලා.
නමුත් පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් පහත සඳහන් දුරකථන / ෆැක්ස්/ ඊමේල් මඟින් වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා තිබෙනවා.

පෙළ පොත් සඳහා –

*දුරකථන අංක – 0112784815/0112785306
*ෆැක්ස් – 0112784815
*විද්‍යුත් ලිපිනය – epddistribution2024@gmail.com

නිල ඇඳුම් රෙදි සඳහා –

*දුරකථන අංක – 0112785573
*ෆැක්ස් – 0112785573
*විද්‍යුත් ලිපිනය – schoolsupplymoe@gmail.com

 

WhatsApp Group

Skip to content