රාජ්‍ය ආයතන මඟින් පෙර සැලසුම් කළ උත්සව දේශපාලන බලපෑම්වලින් තොරව පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම අවසර ලබා දී තිබෙනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ පෙර සැළසුම් කළ උත්සව පැවැත්වීමට අවසර ඉල්ලා විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ඊයේ දිනය තුලදී ඉදිරිපත් වූ බවයි.

එම ඉල්ලීම් සළකා බලා ඇතැම් අංග ඉවත් කර දේශපාලන බලපෑම්වලින් තොරව සිදු කිරීමට උපදෙස් දුන් බවයි ඒ මහතා සඳහන් කලේ.

ඒ අනුව මැතිවරණ කාල සීමාව තුළ භාණ්ඩ බෙදා හැරීම හෝ පක්ෂ ප්‍රවර්ධනයට කිසිදු උත්සවයක් පැවැත්වීමට අවසර හිමි නොවන බව සඳහන්.

WhatsApp Group

Skip to content