පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයකින් ඉහළ නැංවීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට 34,000ක් පමණ වන පෙර පාසැල් ගුරුවරුන්ට මාසිකව රජය විසින් ලබා දෙන රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට පසුගිය සතියේ දී රජය තීරණය කළ බවයි.

අගුණකොළපෑලැස්සේ දී පෙර පාසැල් ගුරු සංවිධාන නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී මෙම කාරණය සම්බන්ධව සාකච්ඡා කළ බව සඳහන් කළ අමාත්‍යවරයා පෙර පාසැල් ගුරුභවතුන්ගේ රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව එහි දී සඳහන් කළේය.

WhatsApp Group

Skip to content